Thursday, August 15, 2013

වසර 6 ක් පුරා තම ස්වාමියාගේ සොහොන්කොත අසල තනි රකින Capitan..


විල්ලා කාලෝස් පැස් නගරය පිහිටා ඇත්තේ, ආජන්ටිනාවේ මධ්‍යම ප්‍රදේශයට වන්නටය. එහි පිහිටි සොහොන්බිම වෙත යන ඕනෑම අයකුගේ නෙත ගැටෙන දර්ශනයක් තිබේ. ඒ සොහොන් කොතක් ආරක්‍ෂා කරමින් ඒ මත නිදා සිටින, ඒ අසල ගැවසෙන සුනඛයකුගේ දර්ශනයයි. මියගිය තම ස්වාමියා වෙනුවෙන් කෘතගුණ දක්වන මේ සුනඛයා, නමින් “කැපිටන්” ය.

කැපිටන් මේ සොහොන් කොත ආරක්‍ෂා කරන්නේ අද ඊයේක සිට නොවේ.

2006 වසරේ සිට පුරා වසර 6 ක් කැපිටන් තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්‍ෂා කරයි. කැපිටන් යනු ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙකි.

මිගෙල් ගැස්මන් නම් පුද්ගලයා 2005 වසරේදී කැපිටන් රැගෙනවිත් ඇත්තේ, සිය ආදරණීය පුතණුවන්ගේ 13 වැනි උපන් දිනයේ ත්‍යාගය ලෙසයි. ඒ අනුව කැපිටන්ගේ සැබෑ ස්වාමියා වන්නේ, මිගෙල්ගේ පුත්‍රයා වන ඩේමියන් වුණත් සුනඛයා තම බැඳීම පවත්වාගෙන ගොස් ඇත්තේ මිගෙල් සමඟිනි.

එහෙත්, 2006 වසරේ මාර්තු මාසයේ දී මිගෙල් හදිසියේ මිය යන්නේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. මිගෙල්ගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් විල්ලා කාලොස් පැස් සොහොන් බිමේදී සිදුවිය. පවුලේ ඥාතීන්ට එම කටයුතු සඳහා එක්වීමට අවස්ථාව හිමිවුණ ද මිගෙල්ගේ ආදරණීය සුනඛයාට එම අවස්ථාවට සහභාගි වීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. අවසන් කටයුතු නිමා වී නිවෙස වෙත පැමිණි මිගෙල්ගේ ඥාතීන්ට දක්නට ලැබුණේ කැපිටන් නිවෙසේ නොමැති බවයි.

“අපි කැපිටන්ව හැම තැනම හෙව්වා. ඒත් හොයාගන්න බැරිවුණා. එයා අතුරුදන් වෙලා. අන්තිමට අපි හිතුවේ එයා වාහනයකටවත් යටවෙලා මැරෙන්න ඇති කියලා.”

සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මිගෙල්ගේ බිරිය වන වෙරෝනිකා කියයි.

“නමුත් අපි ඊළඟ සුමානේ කනත්තට යනකොට කැපිටන් එහි සිටියා. එයාව අඳුරගත්තේ ඩේමියන් පුතා. කැපිටන් අපි ළඟට ඇවිත් බිරුවා. ඒක ඇත්තටම වැලපීමක්. හරියට අඬනවා වගෙයි අපිට දැනුණේ” වෙරෝනිකා වැඩිදුරටත් පවසයි. කිසිදු අවස්ථාවක සොහොන් බිම වෙත කැපිටන් රැගෙන නො ආ බව පවසන වෙරෝනිකා ඔහු සොහොන් බිම සොයාගත් ආකාරය පිළිබඳ ද විස්මයට පත්ව සිටී.”

“අපි කවදාවත්ම කැපිටන් එහාට ගෙනිහින් නැහැ. කැපිටන් ඒ තැන හොයාගත්තා කියන එක හරිම පුදුමයි. අපි ඊළඟ සුමානේ යනකොටත් කැපිටන් සොහොන් කොත ළඟ හිටියා. ඒ සැරේ නම් එයා අපි ළඟට ඇවිත්, ටික වේලාවක් කාලය ගත කළා. අපි ආයේ ගෙදර එනකොට කැපිටන් අපි එක්කම ආවා. හැබැයි කළුවර වැටීගෙන එනකොට එයා ආයෙත් කනත්තට ගියා” වෙරෝනිකා කියයි. “මම හිතන්නේ කැපිටන් කැමති නැහැ මිගෙල්ව රෑ යාමේ තනියම තියන්න” වෙරෝනිකා වැඩිදුරටත් කියා සිටී.

තම ස්වාමියාගේ සොහොන් කොත ආරක්‍ෂා කරන මේ අපූරු සුනඛයා කනත්තේ බලධාරීන්ට දැන් සුපුරුදු දසුනක් වී තිබේ. සුනඛයාගේ පළමු පැමිණීම එහි අධ්‍යක්‍ෂ හෙක්ටර් බෙකාගා සිහිපත් කරන්නේ මෙලෙසිනි.

“දවසක් එකපාරට මේ බල්ලා ආවා. එයත් එක්ක කවුරුත් හිටියෙත් නෑ. තනියමයි ඇවිත් තිබුණේ. එයා මුළු කනත්ත පුරාම ඇවිද්දා. හරියට මොනව හරි හොයන්න ඇවිදිනවා වගේ. පස්සේ එයා එක තැනක නැවතුණා. ඒ එයාගේ ස්වාමියාගේ සොහොන් කොත. දවල් කාලෙට එයා සොහොන් බිම පුරා ඇවිදිනවා. හැබැයි පුළුවන් ඉක්මනට එයා ආයෙත් සොහොන් කොත ළඟට එනවා. ඒ වගේම හැමදාම සවස 6 වෙනකොට එයා ඒ සොහොන් කොත මත වැතිරෙනවා.

රෑ එළිවෙනකන්ම එයා ඉන්නේ එහෙමයි” හෙක්ටර් සඳහන් කරයි. තම ස්වාමියා වෙනුවෙන් යුතුකම් ඉටුකරන මේ සුනඛයා, කනත්තේ කාර්ය මණ්ඩලයේද සිත් දිනාගෙන සිටී. ඒ නිසාම කැපිටන් හට දැන් ආහාරපාන ලබා දෙන්නේ කනත්තේ කාර්ය මණ්ඩලයයි. සොහොන් කොත ළඟ රැඳී සිටින මේ සුරතලා දැන් එම කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සුරතලකු බවට පත්ව සිටී. කෙසේවෙතත් සුනඛයාගෙන් කිසිවකුටත් අවැඩක් නොවීමට කැපිටන් යළි නිවෙස වෙත ගෙන යාමට අවස්ථා කිහිපයකදීම ඩේමියන් උත්සාහ දරා තිබිණි. එහෙත් ඔහුගේ එම උත්සාහයන් සාර්ථක වී නොතිබිණි.

“මම අවස්ථා ගණනාවක්ම උත්සාහ කළා කැපිටන්ව ගෙදර ගේන්න. ඒ ගෙනාවත් එයා කෙළින්ම ආපහු යන්නේ කනත්තට. මට හිතෙන්නේ එයා මැරෙනකන්ම සොහොන ළඟ ඉඳියි. ඇත්තටම එයා තමයි දැන් මගේ තාත්තව බලාගන්නේ” ඩේමියන් කියයි. සැබවින්ම එය සංවේදී කතාවකි. මිනිසුන්ව මිනිසුන් අත්හැර යන සමාජයක මියගිය මිනිසකු වෙනුවෙන් යුතුකම් ඉටුකරන සුනඛයකු සමාජයට ලබා දෙන්නේ සුවිශේෂ වූ පණිවිඩයකි. සතුන් අතරින් මිනිසාගේ පරම මිත්‍රයා ලෙස සුනඛයා සැලකෙන්නේ ද, මෙවැනි වූ අසීමිත කෙළෙහිගුණයක්, දයාවක්, ආදරයක් තම ස්වාමියන් වෙත දක්වන නිසාය.

ඕනෑම අයකු වඩාත් වැඩියෙන් ආදරය කරන්නේ තම ජීවිතයට ය. එහෙත්, සුනඛයන් පිළිබඳ කතා කිරීමේදී ඇතැම් සත්වවේදීන් පළකරන්නේ වෙනස් මතයකි. එනම් සුනඛයා යනු තම ජීවිතයටත් වඩා තම ස්වාමියාට ආදරය කරන සත්ව කොට්ඨාසයක් ලෙසිනි. ඒ මතය තහවුරු කරන්නට කැපිටන් සමත්ව සිටී. 


(මෙය අනතර් ජාලයෙන් උපුටා ගත්තෙකි .... )

Wednesday, August 14, 2013

◄ අන්තර්ජාලයෙන් ඇහෙන කඳුලු කතාවක් ► (MUST READ)


 


 අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන් උතුරා යන යෞව්වනය... මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා... ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට, මිත්‍රත්වය වැළඳ ගත්තා... ඒත්...

ඒත්... ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි, එක්තරා විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයෙක් ඇයගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ. මේ දැරිවිගේ "තුණු සපුවේ" සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම. ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා, ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව. මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම. ඇයට කවුරුවත් නැහැ. අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන්, සතුටින්, කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා. තනියම කොනකට වෙලා ඉන්න ඇය පාසලේ සතුටුම වෙලාව විවේකය, ඒත් ඇයට සතුටක් නැහැ. ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා. මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒත් ඇය සිතින් විඳවනවා."මට කවුරුත් නැහැ. මාව කොන්කරලා..." මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා. මත්පැන් සහ මත්කුඩු ඇයට පිළිතුරක් සේ පෙනෙනවා. ඔව්... ඇය ඒ පිහිට පතන්නේ "වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති තැන". ඒත් විඳිවීමේ නිමාවක් නැහැ. තව තවත් වැඩිවනවා මිසක. ඇය හඩනවා. හැමෝගෙම උපහාසයට, රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා.

ඇයට මේ විදියට මාරුවෙන පාසැලකින් ඇයට වඩා වයසින් වැඩිමහලු තරුණයෙකු හමුවෙනවා. ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් ඇය අතවරයට ලක්වෙනවා. අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට, රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා. අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා. "මම ලෝකයට විහිළුක් වෙලා.ම ට රිද්දන්නම, මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා" අයට සිතෙනවා. ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම්. යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා. ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් පෙරටත් වඩා රිදවුම්, විඳවුම් විඳින්නට. "ඇයි මේ ලෝකයම මට රිදවන්නේ. මම සිතින් දැන් මැරිලා. මට මැරෙන්න ඕන." ඇගේ තීරණය. දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය "බලාපොරොත්තු වූ" මිදීම ලැබෙනවා. ඉකුත් 10 වැනිදින ඇය ලොවින් සමුගන්නවා. ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා. අද ඇය මෙලොව නැහැ.

ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා. ඇය තමන් විඳිවූ විඳවීම්, කඳුළු කතාව, ඇත්ත කතාව වීඩියෝවක් බවට පත්කරලා තිබුණා. ඇය ඒ වීඩියෝවේ එක් තැනක මෙහෙම සඳහනක් කරනවා. "I can never get that photo back" ඔව්, ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූපයක් සදහටම ඉන් ඉවත් කරගැනීම ඔබට කළ නොහැකියි. මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව. බලන්න... කළබල නැතිව බලන්න... විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න. මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න. දෙවන වර ඇගේ මුහුණේ, කටේ, දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න. ඔබ සංවේදී අයෙක් නම් නෙතට කඳුලක් නැඟෙනු නොඅනුමානයි. එය පාඩමක් ! අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න. ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න. ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න.


                 මොහොතකට නවතිමි. මනසින් වගේම මසැසින් ඒ වීඩියෝව ඔබට නිරාවරණය කරමින්...

















Phone එක වතුරට වැටුනොත් !!! ඔබ කලයුතු නිවරදි දේ ...

 


1. Phone එක off වෙලානම් on කරන්න එපා.
 

2. තාමත් ෆොනේ එක on නම් හොලවන්නේ නැතිව off කරන්න.
 

3. phone එක ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.
 

4. තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් හැම කොටසක්ම ගලවලා වතුර පිහිදාන්න.
 

5. වතුර ඉවත් කරන්න කියලා , ෆොනේ එක වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එවිට වතුර phone එක පුරාම යනවා. ඒ වගේම වතුර වෙලන්න කියලා, hairdryer, heater අල්ලන්න එපා.වතුර වෂ්ප වුනාට ඊට කලින් Display එක, speaker, Keypad උනුවෙලා phone එකට sorry වෙනවා.
 

6. phone එක on කරන්න එපා දැන්ම. වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා phone එක හාල් තියෙන භාජනයක හාල් වලින් වහලා තියන්න පැය කිහිපයක්. එවිට හාල්, වතුර ගොඩක් උරා ගන්නවා. පස්සේ phone එක on කරලා බලන්න.
 

7. මේ අදහස් ගත්තේ internet එකෙන්.

Monday, August 12, 2013

ලෝකය ත්‍රිමාණව දකින්න Earth Pro 6.2

 
 ඔයාලගෙ ගෙදර ඉන්න වැඩි මහලු උදවිය පරිගණක පරිහරණය ගැන වැඩි දැනුමක් නැති අය නම් ඒ අයට තමන් ජීවත් වෙන ගෙදර, නිතර යන එන පාරවල් අහසෙ ඉඳන් බලන විදියට පෙන්නන කොට ඒක හරි පුදුම අත්දැකීමක් වෙයි. නමුත් අන්තර්ජාලයෙ නිතර සැරිසරන ඔබට නම් මේක එතරම් පුදුමයක් නෙමෙයි. මොකද Google Earth ගැන ඔබ දැන ගත්තෙ අද ඊයෙක නොවන නිසා. තවමත් මේ අත්දැකීම ඔබ විඳලා නැත්තම් පොඩ්ඩක් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම ඒක ඔබටත් ඔබේ ගෙදර අයටත් පුදුම අත්දැකීමක් වෙයි.

ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි. සිරස TV එකේ නම් නිවුස් කියන වෙලාවට මේක තියාගෙන කරකවනවා දැකලා තියෙනවා. මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. පොඩි ගානක් නිසා ඔයාලට ඕනම නම් සල්ලි දීලා උනත් ගන්න පුලුවන්...:P ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.
Download Google Earth Pro 6.2 + Patch
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.

01.) මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.

02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.

03.) "Patch_-HacKrisH-" කියන ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.6613.patch--HacKrisH-.exe" කියන ෆයිල් එක Copy කරගෙන මේ පාත් එකට Paste කර ගන්න. (C:\Program Files (x86)\Google\Google Earth\client)

04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2.6613.patch-HacKrisH-.exe") උඩ රයිට් ක්ලික් කරලා Run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Open වෙන පැච් එකේ දකුණු අත පැත්තෙ තියෙන මූණ උඩ ක්ලික් කරන්න. "OK" කියලා පෙන්නුවොත් ගින්දර වගේ පැච් වෙලා.
දැන් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා සොෆ්ට්වෙයා එක රන් කරන්න. ඔන්න බඩු වැඩ. ඊලඟට තමයි වැදගත්ම පියවර එන්නෙ. ඉතුරු කරගත්තු ඩොලර් 399ය පුලුවන් ඉක්මනට මගේ බැන්ක් එකවුන්ට් එකට ඩිපෝසිට් කරන්න...:P
ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.

Phone Number එකෙන් ගෙදර ඇඩ්රස් එක හොයාගමුද?


ඔයාට දන්නේ නැති ටෙලිකොම් නම්බර් වලින් මිස් කෝල් එනවද? නැත්නම් කවුරු හරි කෝල් කරලා ඔයාව බයිට් කරනවද? මේ වෙලාවට නම්බර් එකේ අයිතිකාරයා කවුද කියල දැනගන්න පුලුවන්නම්...... එහෙමත් නැත්නම් කෙල්ලගේ ගෙදර නම්බර් එකෙන් එයාගේ ඇඩ්‍රස් එක හොයාගන්න පුලුවන්නම්.... පට්ට පට පට නේද?  මෙන්න ඒකට විසදුම දෙන්න පුළුවන් පුංචි භාණ්ඩයක් ගෙනාවා... 


මේකේ නම තමා SLT Reverse Directory. මේක 2011 අප්ඩේට් කරපු එක.. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට ඕනෙම ටෙලිකොම් නම්බර් එකක තොරතුරු ටික පටස් ගාල හොයාගන්න පුළුවන්.. මේක ටෙලිකොම් පාරිබෝගිකයන්ගේ තොරතුරු  ඇතුලත් කරලා හදපු පොඩි සොෆ්ට්වෙයා එකක්...  ලෙසටම වැඩ....  ඔන්න පහලින් ලින්ක් එක තියනවා බාගන්නකො.... 

DOWNLOAD 



ඕක Download ෆයිල් එක extract කරගන්න, ආය ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නැහැ. සොෆ්ට්වෙයා එක run කරලා ඔයාට විස්තර හොයාගන්න ඕනේ ටෙලිකොම් number එක ගහන්න... කොහොමද වැඩේ එල කිරිනේ? මන් ගියා එහෙනම්... ජය වේවා...!

SL RAJ

SL RAJ