Thursday, January 31, 2013

අන්තර්ජාලයේ පියා




ආයුබොවන් ඔබ සියලු දෙනාටම. අපි හැමෝම, හැම මොහොතෙම අන්තර්ජාලන භාවිත කරනවා. එහෙත් මෙම අන්තර්ජාලය කොහොමද බිහි උණේ, කවුද මේ දේ ඇති කරන්න පුරෝගාමී පුද්ගලයෝ, එම පුද්ගලයන් ගැන ඔබ තොරතුරු නොදන්නවා ඇති. තොරතුරු නොදැන පාවිච්චි කළාට කම් නැත. දැනගෙන පාවිච්චිය වඩා හොදය. Father Of Internet (අන්තර්ජාලයෙහි පියා) ලෙස හදුන්වන්නේ වින්ට් සර්ෆ් - Vint Cerf මහතාය. මොහු 1943 ජූනි මස 23 දින උපත ලැබූවෙකි. එතුමා දැනට වයස අරුදු 68ක් වයසැති පුද්ගලයෙකි. පරිගණක විද්‍යාව පිළිබද දැනුමක් තිබෙන මොහු ඇමරිකාවෙහි පුරවැසිභාවය ලබා සිටී. එයට අමතරව ගූගල් සෙවුම් සන්ත්‍ර සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු ලෙස දැනට සේවයෙහි නිරත වී සිටී.


ඇමරිකාවෙහි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් 1965 දී උපාධිය ලබා ලත්තේය. ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධිය ලබාගත්තේය. ඉන් පසු මොහු IBM සමාගමේ ඉංජිනේරුවරයෙකු ලෙස ක්‍රියාකළහ. 1968 දී අපානෙට් (ARPANET) ජාලය සමග සම්බන්ධව වින්ට් සර්ෆ් මහතා ක්‍රියාකළේය. මෙම ආපානෙට් පරිගණක ජාලයේ පරිගණක අතර තොරතුරු හුවමාරුවේදී ගැටලු මතුවූයේ, එහි තාක්ෂණික පිළිවෙතක් හෙවත් ප්‍රොටෝකෝලයක් නොතිබූ නිසාවෙනි.


එවකට ආපානෙට් ජාලයෙහි පර්යේෂකයෙකු වූ බොබ් ඛාන්ගේ සහයෝගය ඇතිව වින්ටි සර්ෆ් මෙවැනි ප්‍රොටෝකෝලයක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය. 1973 සැත්තැම්බරයේ ඔවුන් පර්යේෂණ පත්‍රිකාවකින් සිය ප්‍රොටෝකෝලය "A Protocol For Packet Network Intercommunication" ලෙස ඉදිරිපත් කරන ලදි.

ට්‍රාන්ස්මිෂන් කොන්ට්‍රෝල් ප්‍රොටෝකෝල් (TCP - Transmission Control Protocol) ලෙස ඔවුන් හැදින්වූ මේ ප්‍රොටෝකෝලයෙන් කියවුණේ, තොරතුරු පැකට් හෙවත් ඩේටාග්රූම් (Datagram) වශයෙන් හුවමාරු කරනා ආකාරයයි.

මෙම ඩේටාග්රූම් බැසිරෙන්නේ ලියුම් කවරයක බහාලූ ලියිමක් ආකාරයෙනි. ලියුම තැපෑලෙන් යන විට එය කාටවත් විවෘත කර බලන්න බැරිය. ලියුම කඩා එක බලන්නාක් මෙන් ඩේටාග්රූම් ක්‍රමයෙන් යවන තොරතුරු ගොන්නක් විවෘත වන්නේ එළ ඉල්ලා සිටින පරිගණකයේදීය. ඒ කියන්නේ මේ තොරතුරු ගොනුව හෙවත් ඩේටාග්රූම් පරිගණක ජාලයක හුවමාරු වුවත් අතරතුර විවෘත වීමක් නොමැති නිසා වේගයෙන් ජාලයේ අවශ්‍ය තැනට යොමු කිරීමේ හැකියාව ලැබී ඇත.

වින්ට් සර්ෆ් මූලිකත්වයෙන් බොබ් ඛාන් සමග ඉදිරිපත් කළ මෙම ප්‍රොටෝකෝලය නිසා පරිගණක ජාලයක් තවත් ජාල සමූහයක් සමග සම්බන්ධ කල හැකි වූණි. අද අන්තර්ජාලය (Internet) ලෙස හදුන්වන්නේ මෙම පරිගණක ජාලයයි.


මෙම ප්‍රොටෝකෝලය තව තවත් දියුණු කිරීමට වින්ට් සර්ෆ් ඇතුළු පිරිස වෙහෙස මහන්සි වූවේය. ඒ අනුව 1978 දී වින්ටි සර්ෆ් විසින් ටීසීපී (TCP) ප්‍රොටෝකෝලය කොටස් දෙකකට වෙන් කළේය. තොරතුරු නියමිත දිශාවට යොමු කරන පරිගණක හෙවත් රවුටර් සමග වැඩ කළ හැකි සේ ප්‍රොටෝකෝලයේ එක් කොටසක් දියුණු කළේය. අලුතින් බිහිකළ මේ ප්‍රොටෝකෝලය ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් (IP - Internet Protocol) කියා නම් කළේය.

දැන් මේ අලුත් ප්‍රොටෝකෝලයත් සමඟ මුල් ප්‍රොටෝකෝලය එක්ව තවත් අලුත් ප්‍රොටෝකෝලයක් බිහි වුණි. TCP/IP කියා හදුන්වන මේ ප්‍රොටෝකෝලය අනුව අද අන්තර්ජාලය ක්‍රියාත්මක වේ. මේ අනර්ඝ ක්‍රියාවලිය නිසාවෙන් වින්ට් සර්ෆ් අන්තර්ජාලයෙහි පියා ලෙස හදුන්වයි. ඔහුගේ පිහිටින් අද අපි මෙය භාවිත කරයි. නැතිනම් අන්තර්ජාලය අවුල් ජාලාවක් වීමට ඉඩ තිබුණි.

මෙම සොයාගැනීමේ අලුත් සිදුවීමක් සිදුවූවා, ඒ ගැන සහ තවත් තොරතුරු ඉදිරි ලිපියකින්. මෙම ලිපිය කියවූ ඔබ සැමට ස්තූතියි. ගිහින් එන්නම්.




Max Payne 3 පරිගණක ක්‍රීඩාව



මීට පෙර වසර වලදී ලාංකීය පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස Max Payne පරිගණක ක්‍රීඩාව හදුන්වා දිය හැකියි. මීට පෙර පැවති Max Payne 1 සහ 2 පරිගණක ක්‍රිඩා දෙකම මා විසින්ද ක්‍රීඩා කර තිබෙනවා, මතකයි බොහොමයක් ඉස්සර, ඒ මා සතුව තිබු පරණ පරිගණකයේය. ගොඩක් දෙනෙක් Max Payne පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කලේ ගොඩක් ආසාවෙන් කියතොත් මා නිවැරදි වේවි. Max Payne ලෙම හදුන්වන්නේ අසාධාරණයට ලක්වූ, නමුත් අතිදක්ෂ, සෑමවිටකම කෝපගත් ස්වභාවයෙන් හා දැඩි විමසිල්ලෙන් පසුවන පොලිස් නිළධාරියා ලෙසටයි. වර්ථමානයේ මෙහි නවතව සංස්කරණය Max Payne 3 (Rise From The Ashes) වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙය නිර්මාණය කරනු ලබන්නේ RockStar සමාගම විසින් වන අතර, එය ඇමලිකානු සමාගමකි.

ඔබ පරිගණක ක්‍රිඩාවේ යෙදීමේදී ක්‍රීඩාව Slow Motion Action (මන්දගාමී චලන) Max Payne 3 පරිගණක ක්‍රීඩාවේ අඩංගු කර තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයා මෙයට සිත් ඇදගන්නා සුළු බවක් දක්වාවී. ඒ වගේම මෙයි නවීන සටන් ක්‍රම සහ නවීන ගිණි අවි වලින් සන්නද්ධ වෙමින් Max Payne 3 ක්‍රීඩකායට හිමිවේ.


ඔබ මීට කලින් Max Payne පරිගණක ක්‍රීඩා 1 හෝ 2 ක්‍රීඩා කර ඇති නම්, ඔබ දැක ඇති. එහි පසුබිම නිර්මාණය කර තිබුනේ හිමෙන් වැසී ගිය පසුබිමකිනි. එහෙත් මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාවෙහි එය වඩාත් වෙසන් කරමින් දකුණු ඇමෙරිකාණු ලක්ශණ ගනී. එසේම Max Paine ද සිය මුහුණුවර මදක් වෙනස් කරගෙන තිබෙනවා දැකියි හැකියි. පෙරට වඩා අසහනකාරී, ප්‍රකෝපකාරී හා අනුකම්පා විරහිත චරිත ලක්ෂන පෙන්නුම් කරන්න මොහු සමත්ව සිටී. 



ඔබ මීට කලින් ක්‍රීඩා කර ඇති, Max Payne 2 පරිගණක ක්‍රීඩා සංස්කරණයෙන් වසර 08 කට පසු මෙම Max Payne 3 පරිගණක ක්‍රීඩාව අප අතරට පත්වෙයි. මෙහිදී Max Payne බ්‍රසීලයේ ධනවත් පවුලක ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙසින් කටයුතු කරමින් පසුවෙයි. ඔහු තව අප්‍රසන්න අතීත මතකයන්ගෙන් මිදීමට උස්තර දරමින් සිටි කාලයේ සාඹි පාලෝ නගරයේ මැර කල්ලියක් විසින් ඔයු සේවය කල නිවසේ ස්වාමි-දුව පැහැරගෙන යානු ලැබයි. මෙය සිදු වීමෙන් අනතුරුව Max Payne හි පෙර පැවති ගතිලක්ශණ මතු කරගනිමින්, ආසාධාරණය හා කුමන්ත්‍රණයෙන් පසුපස හඹා යන ප්‍රචන්ඩ චරිතය බවට පත්වන අතර, මෙහිදී ඔහුට ඇති වෙන භාදා සියල්ල ජයගනිමින් Max Payne ව ඉදිරියට රැගෙන යාම පරිගණක ක්‍රීඩකයා සතු යුතුකමකි. 


RockSrar සමාගම විසින් නිර්මාණය කර ඇති, මෙම Max Payne පරිගණක ක්‍රීඩාව Take Two Intractive සමාගමේ බෙදාහැරීමකි. මීට පෙර පැමිණි, Max Payne 1 හා 2 කොටස්වල රචකයා වන ඩැන් හවුසර් විසින්ම මෙම කොටසද රචිතය. Max Payne 3 පරිගණක ක්‍රීඩාව පෙර පැවති සංස්කරණයන් දෙකට සාපේක්ෂව ක්‍රිඩකායාට අලුත් විදියේ අත්දැකීමක් එකතු කර දේවී. ඔබටත් කැමැති ඇති. ඔබේ පරිගණකයත් පහල තිබෙන අවශ්‍යතා සපුරා තිබෙන පරිගණයක්ද බලා පහලින් ඇති Download බට්න් එක ක්ලික් කර Max Payne 3 Download කරගන්න.

අත්හදා බැලූ ඉතා අවම පහසුකම් :-

Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 2.4 GHZ or AMD Dual Core 2.6 GHZ, or better
2GB System RAM
NVIDIA® GeForce 8600 GT 512MB RAM
or AMD Radeon™ HD 3400 512MB RAM

අවම පහසුකම් :-
Windows 7/Vista/XP PC (32 or 64 bit)
Intel Dual Core 3GHz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 450 512MB RAM
or AMD Radeon™ HD 4870 512MB RAM

ඉහල නිර්දේෂිත පහසුකම් :-

Windows 7/Vista (32 or 64 bit)
Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
3GB System RAM
NVIDIA® GeForce 480 1GB RAM
or AMD Radeon™ HD 5870 1GB RAM

ඉතා ඉහල පහසුකම් -:


Windows 7/Vista (64 bit)
Intel i7 3930K 6 Core x 3.06 GHZ
or AMD FX8150 8 Core x 3.6 GHZ
16GB System RAM
NVIDIA® GeForce® GTX 680 2GB RAM

or AMD Radeon™ HD 7970 3GB RAM




Download කරගැනීමෙන් අනතුරුව පහත ආකාරයට මෙය Install කරන්න.

1. Burn or mount the image

2. Install the game. When it tries to get updates after install, abort. Then install the required game updates found in the CrackUpdates dir on DVD4 (Launcher, Social Club, MP3 main game).

3. Copy over the "profiles" dir, also found in the Crack dir on DVD4 to your DocumentsRockstar GamesSocial Club dir.
(/USERPROFILE/DocumentsRockstar GamesSocial Club).

4. Copy over the cracked content, ie. the rest of the files, from the Crack dir on DVD4 to your installation dir.

5. Play the game offline. Make sure that all the games exe files are blocked from going online by using your system or third party firewall to prevent outgoing connections on every game exe file. Do this before starting the game. Going online and using your own profile might be possible, but it is at your own risk.

6. Enjoy Max Payne 3-RELOADED



              තවත් අලුත් ලිපියකින් හමුවෙමි. එතෙක් එබට සුභ දවසක් ! 




Tuesday, January 29, 2013

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster V2.1





මෙන්න මම ඔයාලට Game Booster මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Full Setup එක සමග ඔයාලට අරගෙන අවා.පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා..මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..




ආදරයේ උනුසුම ලඟ සත්‍ය කතාව





මරණයේ රමණීය කටහඬ ජනා

තවත් කිසිම රාත්‍රියක ඒ කට හඬ ජීවමාන රුව මට හමුවේයැයි මා විශ්වාස කළේ නෑ. ඒ තරමටම ඒ කට හඬ මරණයේ සියුම් සංවේදනාවක් ස්පර්ශ කරල තිබුණා.

ආදරයේ උණුසුම ළඟ...
දුක දැනෙන්නෙ නෑ...

අපිට හුරුපුරුදු ගීතය වෙන මොකක්දො කියාගන්න බැරි හැඟීමකින් ප්‍රතිනිර්මාණය වෙලා තිබුණා. මීට මාස කිහිපයකට පෙරදී මගේ දුරකතනයට මගේ මිතුරෙක් විසින් තිළිණ කළ ‘Broken heart’ නමැති
AUDIO CLIPඑක දින කිහිපයක් පුරාවට මාව පිස්සු වැට්ටුවා. පිස්සු වැට්ටුවා විතරක් නෙමෙයි මරණය පිළිබඳ වෙන වෙන චිත්ත රූප මවන්න ගත්තා. ඒ හැඟීම් පුළුවන් තරමින් මම අකුරු කරන්න උත්සාහ කළා.
"මචං මේ සිංදු සෙට් එක කියන කොල්ලා මැරුණෙ ඇක්සිඩන්ට් එකකින්. උගේ උපන්දිනයට ගෙදරින් උෟට තෑගි කරල තිබුණෙ බයික් එකක්. එදා උෟ ඒ ෆිට් එකට යාළුවොත් එක්ක පොඩි සැපක් අරන් ඔය සිංදු සෙට්එක කියල තියෙනවා. ඊට පස්සෙ තව යාළුවෙක් එක්ක යද්දී අර බයික් එක ඇක්සිඩන්ට් වෙලා උෟ මැරෙනවා. මැරෙන්න විනාඩි කීපයකට කලින් තමයි ඔය සිංදු ටික කියල තියෙන්නෙ."


ඒ කතාව ඇතුළෙ මම තව දුරටත් මරණය තුළ ජීවත් වෙන්න වුණා. හදවත රිදුම් දෙන හැම රැයකම කට්ට කළුවරේ ඒ ගීත පෙළ අහන්න මම පුරුදු වුණා. ඊටත් පස්සෙ ඒ කටහ‍ෙ¾ඩ් අයිතිකරු, මියගිය තරුණයාගේ නිවෙස හරි දන්න කියන කෙනෙක් හරි ඉන්නව නම් කතා කරන්න කියල ඉරිදා පත්තරේ 'රහයි ජීවිතේ" සටහනක් තැබුවා. ඊටත් පස්සෙ ගෙවී ගියේ ඉතාමත් නිශ්ශබ්ද මාස කිහිපයක්. ඒ මාස කිහිපය පුරාවට මරණයේ රමණීය තැන් ඒ කටහඩින් මා අත් වින්දා.


ඒත් පසුගිය දවසක මගේ කනවැකුනෙ අදහාගන්න බැරි ආරංචියක්................

"මචං අර සිංදු සෙට් එක කියපු ඇත්තම ගායකයා ජීවතුන් අතර ඉන්නවලු."


ඒ මොහොත මට දැනුණේ වෙනමම හැඟීමක්. උගෙ නම "ජනා" මාව සසල කළ, හදවත මරණයට පත්කළ කොල්ලො පිස්සු වැට්ටුව ජනාට මම කතා කළා. ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියෙ මාව බලන්න ජනා කොළඹ ඇවිත් තිබුණා. පහත සඳහන් වන්නේ ඇත්තටම ජනා සමඟ වුණු හෘදයාංගම කතා බහ.

* මට තේරෙන්නෙ නෑ. උඹගෙන් ඉස්සෙල්ලාම අහන්නෙ මොකක්ද කියලා. ඇත්තම කතාව කියපන්.
2005 අවුරුද්දෙදී තමයි මම ඔය සිංදු ටික කිව්වෙ. එදත් රැහැයියො අඬන රාත්‍රියක්. කටුනායක කළපුවක් අයිනෙ පොඩි බැමි කෑල්ලක් උඩ, ඔය සිංදු ටික කිය කියා කොල්ලො ටිකකට සැපක් දුන්නා. ඒ වෙලාවෙ රෙකෝඩ් කරගත්ත සිංදු ටිකක් මගේ ජීවිතයට මෙච්චර දෙයක් කරයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.

* එතකොට ඔයා මැරුණා කියලා මිනිස්සු කිව්වෙ ඇයි?
ඊට පස්සෙ ඔය සිංදු ටික ෆෝන් එකෙන් ෆෝන් එකට ගිහින් අර කැලණියෙ මැරුණු මල්ලිගෙ අතටත් ගියා. එයත් ඔය ගීත පෙළට තදින් ඇබ්බැහි වෙලා හිටියා.
එයාගෙ උපන් දිනය දවසෙ බයික් එකක් ගත්ත සතුටට යාළුවොත් එක්ක එකතුවෙලා එදත් ඔය සිංදු ටික අහල තියෙනවා. ඒ අහල යන කොට තමයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ."

                                                                                 
* ඊට පස්සෙ?
මම හිතුවෙවත් නැති විදියට මගේ කටහඬ ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්සු අතරට ගියේ ඒ සිද්ධියත් එක්ක.

* ජනාගෙ පදිංචිය කොහේද?
මිනුවන්ගොඩ.

* මොනවද කරන්නෙ?
ඇත්තටම මම ඉපදුණේ බහරේන්. මගේ තාත්තා අම්ම හැමදෙනාම හිටියෙ එහේ. මට අවුරුදු 12 දී තමයි මම ලංකාවට ආවෙ. එතකොට මට සිංහල වචනයක්වත් බෑ. මම සිංහල ඉගෙන ගත්තෙ අවුරුදු 12දී. 2 වසර පංතියටයි ඇතුළු වුණේ. පසුකාලයකදී මම ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් විදියට වෘත්තීය ජීවිතේ පටන් ගත්තා. දැන් ඒ හැමදෙයක්ම වෙනස් වෙලා.

* එතකොට සංගීතය පැත්තට ආවෙ කොහොමද?
මමවත් දන්නෙ නෑ. මිනිසුන්ගෙ FEELING කියන්නෙ පුදුමාකාර දෙයක්. හැඟීම් සමඟ ජීවත්වෙන්න මම කැමැතියි. ඒ ජීවිතය ඇතුළෙ MUSIC කියන්නෙත් හැඟීමක්. මට ගිටාර් එක ළං වුණේ ඒ විදිහට.

* ඔය ගීත පෙළ නිසා අත්වින්ද අත්දැකීම් එහෙමත් ඇති.
ඔව්. කවුරුත් හිතපු විදියට ඔය ගීත ඇතුළෙ මරණය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මීට මාස කිහිපයකට උඩදී කටුනායකදී හමු වුණු මිතුරන් ටිකක් මට කියල ඔය ගීත පෙළ කියව ගත්තා. එතැන හිටපු කෙනෙක් ඔය ගීත ටික අහල මට කිව්වා.
මල්ලී මම මැරුණු දවසක මගේ මිනීපෙට්ටිය ළඟ උඹගෙ ඔය සිංදු කියපං කියල. අපි කවුරුවත් හිතපු නැති විදියට ඒ මනුස්සය සති කිහිපයකින් හදිසියේ මරණයට පත් වුණා. එයාගෙ අවසාන කැමැති පත්‍රයේ මට කියල මේ සිංදු ටික මරණය ළඟ කියවන්න කියල ඉල්ලීමක් කරල තිබුණා. ගමේ මිනිස්සු ටිකක් ඇවිත් මට කිව්වම මම පුදුම වුණා. අන්තිමට ඒ මියැදුණු මනුස්සය ළඟ මම සිංදු කිව්වා.

* දැන් ජනා මොනවද කරන්නෙ?
තැන් තැන්වල හමුවන යාළුවො රංචු අතරේ මට ශේන් අයියා හමුවුණා. එයා මට සංගීත් අයියා මුණ ගැස්සුවා. ඊටත් පස්සෙ අමල් පෙරේරා, ගැමුණු වන්නිනායක මේ හැමෝම මගේ ජීවිතය වෙනස් කරන්න උදව් කළා. දැන් මම සංගීත් අයියගේ වායෝ බෑන්ඩ් එකේ ගායකයෙක් විදියට කටයුතු කරනවා.

* ජනාට මරණය ගැන අදහසක් නැද්ද?
තියෙනවා. මගේ හැඟීම් හිස් වුණු දවසට මරණය ඉතිරි වේවි.

* බලාපොරොත්තු තියෙනවද?
ඔව්. මගේ ගීත අහලා ඇක්සිඩන්ට් වෙලා මියගිය මල්ලිගෙ ගෙදර යන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව මගේම කියලා ගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ගිය බ්‍රහස්පතින්දා රාත්‍රිය තලවතුගොඩ පෝඩියම් අවන්හල සුවිශේෂී දවසක්. මමත් සංගීත ශිල්පියෙක් නිසාම අපේ "චක්‍ර" සංගීත කණ්ඩායම හැම බ්‍රහස්පතින්දාවක්ම සුන්දර කරනවා. ජනා මාව හමුවෙන්න ආවෙත් එතැන්ටමයි. වෙනදාට වඩා ඒ බ්‍රහස්පතින්දා සුවිශේෂියි. ජනාගෙ අතට මම ගිටාර් එක දුන්න. බුබුළු නඟින හැඟීම් දැනීම්, උසුළු විසුළු, සිනා සෙන මිතුරු රංචු අතරේ ජනා නැවත වතාවක් මරණයේ රමණීය ගීත පෙළ අපි ඉදිරිපිට සජීවීව කියන්නට වුණා.


මම තාමත් කිරිකෝඩුයි
ඉවසන්නත් බෑ..
දුටු දාම බහ දුන්නෙ
ඉල්ලන්නත් බෑ
ඔය හැමදාම බොරු කීවෙ
රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නෙ
උහුලන්නත් බෑ...



                                                                                     


අවුලක් නැතුව ගෙදර ඉඳන් ඕමි ගහමු


ස්කෝලෙ යන කාලෙ කට්ටි පැන පැන ඕමි ගැහුව හැටි මතක ඇති නේහ්.. ඔන්න මමනම් එහෙමයි , අපිට උගන්නනව කියන්නෙ මම ස්කෝලෙ යනවටත් අන්ත වැඩක්.. හිකිස්ස් .... හිතා ගන්නකො එතකොට කොහොමද කියල.

කොහොම හරි ඉතින් ඕමි ගහපු වැඩේ මාට්‍ටු වෙලා කට්ට කාපු දවසුත් නැතුව නෙමේ.

ඉතින් ඔන්න කිසිම අවුලක් නැතුව ගෙදරටම වෙලා ඕමි ගහන්න විදියක් තියෙනව. වින්ඩෝස් වලටත් ඕමි එකක් දෙනව තමා. ඒත් මේක සිංහල..... තනිකරම සිංහල. ඉතින් කිසි අවුලක් නැතුව play කරන්න පුළුවන්

 පුරුදු වෙන්න උනත් අවුලක් නෑ. නීති විරෝධී වැඩ වලට පුරුදු වෙන් නැතුව මෙහෙම චූටි සෙල්ලමක් කරන්න


 මෙතනින් Download කර ගන්නකෝ. ( එච්චර ලොකු නෑ කිලෝ බයිට් ගානයි )


DOWNLOAD ඕමි GAME

ගේම් එකේ නිර්මාණ ශිල්පියව හොයා ගන්න බැරි උනා. දන්නවනම් කියන්න. මේක අයිති එයාටනේ. එයාගෙ නම දාන්නම ඕන :D


චන්ගුමී කතාමාලාවම නොමිලේ ගන්න.

                                                

                                            


මේ දවස් වල ජාතික රූපවාහිණියෙ විකාශය වන සුජාත දියනිය ගොඩක් කස්ටිය බලනව නේද. ඔන්න මුලදි එහෙන් මෙහෙන් බැලුවට ඊයෙ ඉදන් බලන්න පටන් ගත්ත. මුලින් එව්ව නැතුව මග ඉඳන් බලද්දි මxxං වගේනෙ ඉතින් ඔන්න මුල, මැද, අග ඔක්කොම ටික එක පාර බලා ගන්න විදියක් හම්බුනා..

මුලින්ම කියන්න ඕන ....

ඕනෑම රූපවාහිනී නාලිකාවක විකාශය වන කතා එකක් වත් පිට තැන් වල තියෙන්න විදියක් නෑ. ඒ කියන්නෙ එව්වගෙ පූර්ණ අයිතිය තියෙන්නෙ ඒ channel එකට. ඒ කියන්නෙ ලංකාවෙ නම් "ජාතික රූපවාහිනිය" . කොරියාවෙ නම් MBC ආයතනයට. ඉතින් මෙහෙම දෙයක් විකිනීම තහනම්,

 බය වෙන්න එපා. නොමිලේ Download කරන්නයි දෙන්නෙ. Download කරල බැලුවට කමක් නෑ. ඒ උනාට සද්දෙ දාන්න යන්න එපා. විකුනන්නත්                                                                                   යන්න එපා.

මේ කතාවෙ කොටස් 54 ක් තියෙනව, මේ වෙද්දි කොටස් 35 ක් විතර ගියා. :p

  54 ම දෙන්නම්. කතා මාලාව ගැන විස්තර කතා කරන්න නම් අදහසක් නෑ ...දැන ගන්න ඕන නම් මෙතනින් බලන්න .. >>>

මෙතනින් කොටස් 54 නොමිලේ Download කර ගන්න



     DOWNLOAD චන්ගුම









වැදගත් ;- "දැනගැනීම සඳහා මේම ලිපිය පල කර නමුත්, සීමාවෙන් පිට ක්‍රිය කර පසුව ඇති වන නීතිමය බලපෑම් වලට traveldownloadd වග කියනු නොලැබේ."



Thursday, January 10, 2013

දරුවනේ


                                   දරුවනේ සිංහල චිත්‍ර පටිය 



ඔන්න අදත් දෙන්න යන්නෙ සිංහල චිත්‍රපටියක් තමා.මම ඉතින් හැම චිත්‍රපටියක්ම දෙන්න නැ කියලා දන්නවනෙ.මම දෙන්න ගොඩක් හොය ගන්න අමරු චිත්‍ර පටි තමා.ඔන්න අද මම දෙන්න යන්නෙ දරුවනේ සිංහල චිත්‍ර පටිය තමා.

.පහලින් බලන්නකො Trailerඑක.




ඔන්න දැන් Torrent මගින් ඔබටත් Download කර ගැනිමට පුළුවන්


    
Size: 705 MB

 

SL RAJ

SL RAJ